Ananda balika vidyalaya
01.පාසල පිළිබද හැදින්වීම
02.පාසලේ පසුගිය වර්ෂවල සිසු සාධනය පිළිබද විශ්ලේෂණය
03.සමාලෝචනය
01.පාසල පිළිබද හැදින්වීම
ආරම්භක දිනය :- 1925-01-25
ස්ථානය :- වික්ටර් හවුස්
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ නිවහන
මාලිගාකන්ද පාර,
කොළඹ 10.
වික්ටර් හවුස් සිට පාර දෙස බලා සිටින ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණන් මිෂනාරි බාලිකාවක් සංකර ලෙසින් කෑ ගසමින් පාසල් යනු දැක පී ද එස් කුලරත්න මැතිඳුන් කැඳවා තම නිවස්නය ලබා දෙමින් හෙළ බොදු කුල කාන්තාවන් බිහි කරන බාලිකාවක් සඳහා පාසලක් ඉදි කිරීමට තබන ලද අඩි තාලමෙන් 1925-01-25 මාලිගාකන්ද පාර, කොළඹ 10 ආනන්ද බාලිකා විද්‍යාලය නමින් ආරම්භ විය.
ආරම්භ කළ ආනන්ද බාලිකාව වර්තමානයේ මෙසේ දියණියන් දෙදහසකට වඩා ශිල්ප හදාරන දිවයිනේ බාලිකා පාසල් අතර ඉතා ජනප්‍රිය ජාතික පාසලකි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි කර්තෘ කුලරත්න විදූහල්පතිතුමාගේ මග පෙන්වීම අනුව හෙළ බොදූ බාලිකා විද්‍යාලයක් ලෙස ආරමිභ වෙමින් වර්තමානයේ ජාතික පාසලක් ලෙස ඉතා ගෞරවයට පත්‍ර වී ඇත.
වසර සියයකට ආසන්න කාලයක දී අප විද්‍යාලය ලබා ගත් ජයග්‍රහණ රැසකි. මෙම ජයග්‍රහන සඳහා පාසල මෙහෙය වූ නියමවරියන් අතර තිලෝක සුන්දරි කාරියවසම් මැතිනිය, මාලනි හෙරත් මැතිනිය, අනෝමා දහනායක මිය පාසල සංවර්ධනය සඳහා අනුපමේය මෙහෙවරක යෙදි නියමුවරියන් වේ. වර්තමාන විදූහල්පතිනිය ගංගා කුමුදිනි මැතිනිය පාසල වෙනුවෙන් කරනු ලබන මෙහෙය අති විශාලය.
ආරම්භයේ සිට මේ දක්වා කාලය වසර 98 කි. වර්තමානයේ 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා උසස් පෙළ විද්‍යා, වාණිජ, කලා, තාක්ෂණ අංශ ක්‍රියාත්මක කරමින්, පන්ති කාමර 58ක සිසුන් 2000 ක්, ගුරු මණ්ඩලය 116 ක්, අනධ්‍යන සේවක මණ්ඩලය 41 ක් සේවය කරයි. ඉතා සීමිත ඉඩක තෙමහල් ගොඩනැගිලි හහකින් සමන්විත ය. ඒ තුළ විද්‍යාගාර, පුස්තකාල, පරිගණක විද්‍යාගාර, චිත්‍ර/නැටුම්/සංගීත ඒකක, ඉංග්‍රීසි මාධ්‍ය පන්ති කාමර, ක්‍රීඩා, ගෘහ විද්‍යා හා මාධ්‍ය ඒකකයක් හා උදෑසන රැස්වීම් පවත්වන ස්ථානය එම භූමිය තුළ ස්ථාපිතය. එසේ ම පාසල් බස්රථයක් හා වෑන් රථයක් පාසල සතු ය. එසේම පාසල සතු මානව සම්පත් අතර මහත් කැපවීමෙන් කටයුතු කරන ආචාර්ය මණ්ඩලයක්, ක්‍රියාකාරී පාසල් සංවර්ධන සමිතියක් මෙන් ම ආදි ශිෂ්‍ය සංගමයක් සමග ් විද්‍යාලය සතුවීම මහත් අභිමානයකි. විෂය සමගාමි ක්‍රියාකාරකම් රැසක් හා විෂය හා සමිති සංගම් රැසක් ක්‍රියාත්මක වේ. සිසු විනය මාලාවක් හා ආචාර ධර්ම පදධතියක් මගින් උසස් මට්ටමේ සිසු විනයක්, කැලි කසල වලින් තොර පිරිසිදු පාසල් පරිසරයක්, ආකර්ශණීය ගොඩනැගිලි හා විධිමත් පන්ති කාමර කළමනාකරණයත්, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් රැසක්, කැපී පෙනෙන උත්සව ගණනාවක් ක්‍රියාත්මක ය.
එසේම ජාතික මට්ටමේ ජයග්‍රහන මෙන් ම ජාතියන්තරය ජයගත් දියණියන් පාසල බබළවමින් අධ්‍යාපන ජයග්‍රහන ද අත්කර ගනිමින් විසි එක්වන සියවසේ අභියෝග ජය ගත හැකි දියණියන් තැනීමේ අභිමානය පාසල සතු ය.
පාසලේ දැක්ම සහ මෙහෙවර
පාසලේ දැක්ම
විසි එක්වන සියවසෙහි අභියෝග ජය ගත හැකි, බුද්ධිමත් කාන්තා පරපුරක් බිහි කිරීම අපගේ දැක්ම වේ.
පාසලේ මෙහෙවර
ජාතික පොදු අරමුණ හා අධ්‍යාපන අරමුණු ඉටුවන පරිදි දැනුමින් හා ස්වකීය සහජ හැකියාවන්ගෙන් මෙන් ම යහපත් ගුණධර්මවලින් ද පිරිපුන් ඉදිරි අභියෝග ජය ගත හැකි වන පෞරුෂයකින් යුත් විශිෂ්ට සිසු පරපුරක් බිහි කිරීම උදෙසා ගුණාත්මක පාසල් පරිසරයක සාර්ථක ඉගෙනුම් අවස්ථා සම්පාදනය කිරීම අපගේ මෙහෙවර වේ.
02.පාසලේ පසුගිය වර්ෂවල සිසු සාධනය පිළිබද විශ්ලේෂණය
2017-2021 අ.පො.ස. (සා.පෙළ) විභාගය (සාරාංශය)
අ.පො.ස. (උ.පෙළ) විභාගය (සාරාංශය)
|
වර්ෂය |
ඉදිරිපත් වූ
ශිෂ්‍ය සංඛ්‍යාව |
අ.පො.ස (උ.පෙ)
සුදුසුකම් ලද |
% |
අසමත් |
% |
|
2017 |
252 |
242 |
96.00% |
10 |
04.00% |
|
2018 |
250 |
230 |
92.00% |
20 |
08.00% |
|
2019 |
270 |
259 |
95.92% |
11 |
04.07% |
|
2020 |
269 |
258 |
95.91% |
11 |
04.09% |
|
2021 |
264 |
260 |
98.48% |
04 |
01.15% |
|
වර්ෂය |
ඉදිරිපත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව |
අ.පො.ස (උ.පෙ) සුදුසුකම් ලද |
% |
අසමත් |
% |
|
2017 |
244 |
178 |
73.00% |
66 |
27.00% |
|
2018 |
261 |
193 |
75.42% |
68 |
26.05% |
|
2019 |
289 |
227 |
78.54% |
62 |
21.45% |
|
2020 |
319 |
212 |
66.46% |
107 |
33.50% |
|
2021 |
256 |
168 |
65.62% |
88 |
34.38% |
ඇගයීම
වාර්තා
|
|
|
SEQI |
||||
|
ක්ෂේත්‍රය වර්ෂය |
2022 |
2021 |
2020 |
2019 |
2018 |
|
|
1 |
ශිෂ්‍ය සාධනය |
|
57 |
82 |
81 |
81 |
|
2 |
ඉගෙනීම ඉගැන්වීම හා ඇගයීම |
|
75 |
73 |
70 |
76 |
|
3 |
විධිමත් විෂයයමාලා කළමනාකරණය |
|
69 |
70 |
67 |
77 |
|
4 |
විෂයය සමගාමී කටයුතු |
|
65 |
65 |
85 |
87 |
|
5 |
ශිෂ්‍ය සුභසාධනය |
|
67 |
78 |
75 |
80 |
|
6 |
නායකත්වය හා කළමනාකරණය |
|
77 |
75 |
75 |
77 |
|
7 |
භෞතික සම්පත් කළමනාකරණය |
|
80 |
80 |
71 |
78 |
|
8 |
පාසල් හා ප්‍රජාව |
|
70 |
81 |
79 |
80 |
|
|
එකතුව |
|
|
|
|
|
Comments
Post a Comment