Posts

Ananda balika vidyalaya

01.පාසල පිළිබද හැදින්වීම 02.පාසලේ පසුගිය වර්ෂවල සිසු සාධනය පිළිබද විශ්ලේෂණය 03.සමාලෝචනය 01.පාසල පිළිබද හැදින්වීම ආරම්භක දිනය :-  1925-01-25  ස්ථානය :-  වික්ටර් හවුස් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ නිවහන මාලිගාකන්ද පාර, කොළඹ 10. වික්ටර් හවුස් සිට පාර දෙස බලා සිටින ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණන් මිෂනාරි බාලිකාවක් සංකර ලෙසින් කෑ ගසමින් පාසල් යනු දැක පී ද එස් කුලරත්න මැතිඳුන් කැඳවා තම නිවස්නය ලබා දෙමින් හෙළ බොදු කුල කාන්තාවන් බිහි කරන බාලිකාවක් සඳහා පාසලක් ඉදි කිරීමට තබන ලද අඩි තාලමෙන් 1925-01-25 මාලිගාකන්ද පාර, කොළඹ 10 ආනන්ද බාලිකා විද්‍යාලය නමින් ආරම්භ විය. ආරම්භ කළ ආනන්ද බාලිකාව වර්තමානයේ මෙසේ දියණියන් දෙදහසකට වඩා ශිල්ප හදාරන දිවයිනේ බාලිකා පාසල් අතර ඉතා ජනප්‍රිය ජාතික පාසලකි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි කර්තෘ කුලරත්න විදූහල්පතිතුමාගේ මග පෙන්වීම  අනුව හෙළ බොදූ බාලිකා විද්‍යාලයක් ලෙස ආරමිභ වෙමින් වර්තමානයේ ජාතික පාසලක් ලෙස ඉතා ගෞරවයට පත්‍ර වී ඇත. වසර සියයකට ආසන්න කාලයක දී අප විද්‍යාලය ලබා ගත් ජයග්‍රහණ රැසකි. මෙම ජයග්‍රහන සඳහා පාසල මෙහෙය වූ නියමවරියන් අතර තිලෝක සුන්ද...